T20 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරග
January 24, 2025 12:09 pm
මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබේ.
ඒ අනුව සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය එළැඹෙන 26වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වේ.
එමෙන්ම එම වටයේ ඔවුන් ක්‍රීඩාකරන දෙවන තරගය මෙම මස 29වනදා ඔස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්විණි.
එහි 'A'කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් තරගකළ සත්කාරක මැලේසියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත් විය.
කෙසේ නමුත් ඔවුන් ඉන්දියාවට එරෙහි තරගය පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.
සුපිරි 6 වටය කණ්ඩායම් 6 බැගින් කණ්ඩායම් 12ක් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩාකරනු ලබයි.
එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
සුපිරි 6 වටයේ තරග හෙටින් (25) ආරම්භවීමට නියමිතව ඇත.