ලංකා IOC ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ
November 30, 2024 08:23 pm
ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවද එම සමාගම දැනුම්දෙයි.
අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් නව මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල 309කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 188කි.
අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝදනය වී නොමැති අතර එම මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේ අලෙවි වනු ඇත.