header logo
SLIC
උණුසුම් පුවත්
IMF තුන්වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන ගත් තීරණ
Nov 23, 202411:33 AM
IMF තුන්වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන ගත් තීරණ
Mobitel 1278

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද (23) ප්‍රකාශ කළේය.

කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදා හැරෙනු ඇති බවය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 3ක සිව්වස් විස්තීර්ණ ණය වැඩසටහන අනුමත කළේ 2023 වසරේ මාර්තු 20 වැනිදාය.

ඒ සමගම විස්තීර්ණ ණය වැඩසටහනේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් ශ්‍රී ලංකාවට මුදාහැරුණි.

පළමු ඇගයීම සමාප්ත කිරීමෙන් පසු දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක මුදලක් පසුගිය 2023 වසරේ දෙසැම්බර්යේදී ශ්‍රී ලංකාවට හිමිවූ අතර, දෙවැනි ඇගයීමෙන් පසු තුන්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 336 පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට හිමිවුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී පැවති අතර ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගි වුණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා,

"බලධාරීන් සමඟ අප පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට සිව්වස් විස්තීරණ ණය මුදලේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව සතුටින් නිවේදනය කරන්න කැමතියි. IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇගයීම් සම්පූර්ණ කිරීම සඳහා බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නැංවීම අවශ්‍ය වනවා. 2025 අයවැය IMF වැඩසටහනේ අරමුණුවලට අනුකූලවීම ඊට ඇතුළත්. වැඩසටහනේ ප්‍රමාණවත් මූල්‍යකරණයක් සහතික කිරීමත් එහිදී වැදගත් වනවා. විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 330ක් පමණ මුදලකට ප්‍රවේශය හිමිවනවා. ඒ සමඟම විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවන මුළු මුදල ඩොලර් බිලියන 1.3 ඉක්මවනවා."

"විස්තීරණ ණය වැඩසටහනේ සහාය ලබන ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. මේ වසරේ ජුනි මාසයෙන් අවසන් වු කාර්තු 04 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4% ක සාමාන්‍යයකින් වර්ධනය වි තිබෙනවා. මතුපිට උද්ධමනය හා මූලික උද්ධමනය තුන්වැනි කාර්තුවේදි 0.8% ක් , 3.8% ක් ලෙස පාලනය කිරීමට හැකිවි තිබෙනවා. දළ නිල වත්කම් සංචිත ඩොලර් බිලියන 6.4 දක්වා ඔක්තෝබර් අවසානය වනවිට ඉහළ ගොස් තිබෙනවා. එහිදි මහබැංකුව විසින් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමක්ද දැකිය හැකියි. කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රජයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත්වීමක් ද දක්නට ලැබෙනවා."

"ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයටම බලපෑමක් ඇතිකළ නිසා, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ එම මුළු ජනකොටසටම සාධාරණ ලෙස බෙදීයාමක් අවශ්‍ය වනවා."

"ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඊළඟ පියවර වන්නේ වාණිජ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම නිල ණයහිමියන් සමඟ එකඟතාවන් අවසන් වශයෙන් සැකසීම හා අනෙකුත් එකඟතාවන්හි කොන්දේසි ක්‍රියාවට නැංවීමයි. එය ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරුකරලීමට ඉවහල් වේවී."

ප්‍රශ්නය - පැවති රජය බලයෙන් ඉවත්කොට නව රජය පිහිටුවීම සඳහා මධ්‍යම ප්‍රාන්තිකයින් ඇතුළු බහුතර ජනතාවක් වෙතින් විශාල ජනවරමක් ලැබු නව රජය ශ්‍රී ලංකාව ඉදිරියට යායුත්තේ කෙසේද පිළිබඳ නව ආකාරයකින් කටයුතු කිරීමට උත්සාහ කරද්දි IMF වැඩසටහනේ යම් වෙනසක් සඳහා ඔබ නම්‍යශීලිත්වයක් දක්වනවා ද?

"ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝගයන් තවමත් වෙනස් වී නැහැ. ආර්ථික අර්බුදයෙන් පූර්ණ ලෙස ප්‍රකෘතිමත් වියයුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් මෙහිදි කල්පනා කළ යුතුයි. ස්ථාවර සහ පරිපූර්ණ වර්ධනයක් අත්කරගත හැකි ආකාරය එහිදි විමසා බැලිය යුතුයි. IMF වැඩසටහනේ මුලික ආරක්ෂණ රාමුව සකස්කර තිබෙන්නේ ඒ සඳහා පහසුකම් සැලසීමටයි. එම ආරක්ෂණ රාමුව ඇතුළත නව වාතාවරණයන් සැලකිල්ලට ගෙන වැඩසටහනට යම් සංශෝධන සිදුකිරීම අවශ්‍ය දැයි සොයාබැලිය හැකියි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්