
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පස්දින නිල සංචාරය අවසන් කරමින් අද (20) දිනයේදී ගයානාව වෙත පැමිණීමට නියමිතව තිබේ.
පස්දින සංචාරයේදී නරේන්ද්‍ර මෝදි නයිජීරියාව, බ්‍රසීලය සහ ගයානාව වෙත සංචාරය කිරීමට සැලසුම් කර තිබුණි.
එහිදී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති G20 සමුළුව සඳහා ද ඔහු එක්විය.
නයිජීරියාව සහ බ්‍රසීල සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද ගයානාව වෙත සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



















































