
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.
මේ දිනවල බ්‍රසීලයේ පැවැත්වෙන G20 සමුළුව අතරතුර මෙම හමුව සිදුවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - චීන සබඳතාවල ඉදිරි පියවර පිළිබඳව මෙම හමුවේදී දෙපාර්ශ්වයේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙරටේ දේශසීමා සම්බන්ධයෙන් පවතින ප්‍රගතිය, ගෝලීය තත්ත්වයන් සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවද සඳහන් ය.
















































