
දෙමටගොඩ, කළුපාලම යටදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වුණි.
මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ අද (17) පස්වරුවේදීය.
වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් යතුරු පැදියකින් පැමිණෙන ආකාරය cctv කැමරාවකද සටහන්ව තිබුණි.
සැකකරුවන් කුළී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩවී පිටුපස සිට වෙඩි තබන්නට ඇති බව පොලිසිය සැක පළකරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරා රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙලෙස මියගියේ ගාල්ලේ පදිංචි පාලිත චන්ද්‍රසිරි නමැති 50 හැවිරිදි අයෙකි.
ඔහු කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු බවට සැකකරන පොලීසිය මෙම ඝාතනය දැනට විදේශගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවන්නට ඇති බවට සැකකරේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙඩි තැබීමත් සමග 2026 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීම් 38ක් සිදුව ඇති අතර ඉන් 19 දෙනෙකු මියගොස් තවත්20 දෙනෙකු තුවාල ලබා තිබේ.
















































