
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනාවලට වරදකරු වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට මරණ දඬුවම නියම කිරීමට හලාවත මහාධිකරණය අද (17) පස්වරුවේ නියෝග කළේය.
හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2017 වර්ෂයේ මැයි මස 17 වන දින හලාවත, ආනවිලුන්දාව ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එම වැටලීමේදී පොලිස් භාරයට ගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 211යි ග්‍රෑම් 818ක් වූ අතර, පසුව සිදුකළ රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව එහි ශුද්ධ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 136යි ග්‍රෑම් 99ක් බව තහවුරු විය.
කෙසේ නමුත් එය 2017 වසරේදී මෙරට පුද්ගලයෙකු සතුව තිබී පොලිසිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වූ අතර, එහි වටිනාකම රුපියල් කෝටි 100කට ආසන්න විය.



















































