
ලොව පැවැත්වෙන ප්‍රධාන පෙළේ තරගාවලි රැසකින් ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ලොව හොඳම හෙල්ල කට්ටලයක් ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත් වී ඇත.
රුමේෂ්ගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න මහතා සමග සාකච්ඡාකර අදාළ අනුග්‍රාහගත්වය ලබාදීමට ඔහු මෙලෙස ඉදිරිපත්ව තිබේ.
හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ශ්‍රී ලංකාවට රැගෙන ඒම දක්වාම රුමේෂ්ට සහයෝගය ලබාදීමට ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී රුමේෂ්ගේ පුහුණුකරුට පොරොන්දුවක්ද ලබාදී ඇත.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රජය ලබාදෙන හෙල්ල විසිකිරීමේ කට්ටලයට අමතරව, ලෝකයේ හොඳම තත්වයේ ඇති හෙල්ල විසිකිරීමේ කට්ටල සෑම වසරකම රුමේෂ්ට ලබාදීමටද ඩඩ්ලි සිරිසේන මහතා තීරණය කර තිබේ.



















































