
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය.
නිශ්ෂින්හි කොරෝගි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 74ක් පමණි.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ කරමින් ක්‍රීඩාකළ පළමු තරගය මෙය වූ අතර, ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයේ සිට තරග සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබුණි.
















































