
Summary
මෙරට ප්‍රථම බලශක්ති ගබඩා පද්ධතිය හා දියජනනි දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) විවෘත කිරීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධිතය ස්ථාපිත කරනු ලැබීය.
අනුරාධපුරයේ ඉදිකර ඇති මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙගාවොට් 10ක ධාරිතාවකින් සමන්විතය.
එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද දියජනනි පාවෙන සූර්ය බලශක්ති පද්ධතියද අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය.
දියජනනි සූර්ය බලශක්තිය මගින් මෙගාවොට් 5 ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු වන අතර එමගින් නිවාස 10,000කට බලශක්තිය සැපයීමටද නියමිතව ඇත.
















































