header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ විසි දහසක කොන්ත්‍රාත්තුවකට

Mobitel 1278

දෙහිවල නිවසකට පසුගිය 11 වැනිදා අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලීසියට තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.

මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ආරම්භ කෙරුණි.

එවන් පසුබිමක අත්අඩංගුවට ගැනුණු බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අද වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ, දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු 2025 වසරේ නැදිමාල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් ජූලි මස 19 වැනිදා ඇපමත නිදහස්ව පැමිණි බවය.

පසුව ඔහු ඉකුත් අගෝස්තු පළමුවැනිදා රත්මලානේදී කුඩු අංජුගේ සමීපතමයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

ඒ සඳහා බෝධියාවත්තේ අවිශ්ක හා කොස්මල්ලි විසින් තමාට රුපියල් ලක්ෂ 5ක මුදලක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ලබාදී ඇතැයි ඔහු පොලිසියට අනාවරණ කර තිබේ.

අනතුරුව ඔහුට දෙහිවල නිවසට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේද බෝධියාවත්තේ අවිශ්ක හා කොස්මල්ලි විසින් බවද ඔහු පවසා තිබුණි.

ඒ අනුව ප්‍රහාරය එල්ලකිරීමට ගිය ත්‍රිරෝද රථයේ අත් බෝම්බයද තබාතිබී ඇති අතර, ප්‍රහාරයට අදාළ නිවස පෙන්වීම සඳහා එහි තවත් පුද්ගලයෙකු සිටි බව සැකකරු පවසා ඇතැයි වාර්තා වෙයි.

කෙසේවෙතත් එම පුද්ගලයා තමන්ට පෙන්වා ඇත්තේ වැරදි නිවසක් බවත් සැකකරු එහිදී පවසා තිබේ.

අදාළ ප්‍රහාරයෙන් පසුව බෝධියාවත්තේ අවිශ්ක හා කොස්මල්ලි විසින් තමන්ට රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් ලබාදී, බිබිල ප්‍රදේශයට පලායන ලෙසට උපදෙස් දුන් බව සැකකරු පවසා ඇති බවයි වාර්තා වෙයි.

ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ  බිබිලේ සිය හිතවතෙකුගේ නිවසක සැඟවී සිටියදීය.

මේ අතර ප්‍රහාරය සඳහා නිවස පෙන්වූ පුද්ගලයාද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඒ සඳහා අවිශ්ක හා කොස්මල්ලි විසින් රුපියල් විසිදහසක මුදලක් ලබාදුන් බවය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්