
කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කළ නාවික නියමුවෙකු මුහුදට වැටී අනතුරට ලක්ව තිබේ.
මේ බව කොළඹ වරාය පාලන මැදිරිය වෙතින් සිදුකළ දැනුම්දීමකට අනුව, කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදි සිටි P-163 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව එම ස්ථානය වෙත යොමු කළේය.
ඒ අනුව එම යාත්‍රාව මඟින් මුහුදට වැටුණු නාවික නියමුවා නිරුපද්‍රිතව මුදාගෙන, ආරක්‍ෂිතව වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව සඳහන්ය.
මෙම අනතුර ඊයේ (17) සිදුව ඇති බව නාවික හමුදාව නිවේදනය කළේය.
















































