
පානදුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බස් රථයෙන් එළියට විසිවී තිබේ.
අද (18) අලුයම් කාලයේදී කොස්වත්ත මංසන්ධිය ආසන්නයේදී එම අනතුර සිදුවී තිබුණි.
එසේ ඉවතට විසිවූ එක් අයෙක් එම බස් රථයේ කොන්දොස්තරවරයා බව පොලීසිය පැවසීය.
පසුව ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කර ඇති අතර එහිදී කොන්දොස්තරවරයා මරණයට පත්වී තිබේ.
ඔහු 69 හැවිරිදි බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකි.



















































