දිලිත්ගේ බලාපොරොත්තුව
November 14, 2024 06:34 pm
සර්වජන බලය නායක, ව්‍යවසායක, දිලිත් ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්ද්‍රරාම විහාරස්ථානයේ දී අද (14) සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සතුටු දැයක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයේ තවත් පියවරක් අද දිනයේ සනිටුහන් කළ බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,
"සතුටු දැයක් කරා අපි මේ ජාතිය මෙහෙයවන ක්‍රියාන්විතයේ තවත් පියවරක් අද සටහන් වෙනවා. මම හිතනවා අපි දිස්ත්‍රික්ක 22 පුරාම සටහන් කළ මේ ප්‍රකාශනය ජාතියේ ඇගයීමට ලක්වේවි කියලා අද දවසේ. කොහොම වුණත් අපි හෙමින් හෙමින් යන ගමනක්. කොහොම වුණත් වඩා වැදගත් වෙන්නේ සාධනීය ලෙස සහ ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන එක. ඉතිං අපි මෙවර මැතිවරණය ක්‍රියාවලිය පුරාවම උත්සාහ කළේ, තාර්කික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් ජනතා ප්‍රසාදය දිනා ගන්නට. අපි දිගින් දිගටම ප්‍රකාශ කළ පරිදි අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ ඒ ප්‍රබුද්ධ සලකුණ තබන්නට. විපක්ෂය නියෝජනය කරමින්."