
සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලියට පැමිණ තිබේ.
ඔහු අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී සාකච්ඡා පවත්වනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරය ඉන්දියා-සෞදි ද්විපාර්ශ්වික සබඳතා සඳහා තවදුරටත් දිරිගැන්වීමක් වනු ඇති බවද ඉන්දියාව පවසයි.



















































