අති සාර්ථක මැතිවරණ විකාශයකට අද දෙරණ සූදානම

අති සාර්ථක මැතිවරණ විකාශයකට අද දෙරණ සූදානම

November 13, 2024   08:42 pm

2024 ජනාධිපතිවරණයේදී මෙරට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගනිමින් අති සාර්ථක මැතිවරණ විකාශයක් ගෙනආ පරිද්දෙන්ම හෙට (14) මහ මැතිවරණයේ සියලු තොරතුරු අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වා, එසැණින් ගෙනඒමට 'අද දෙරණ' මාධ්‍ය ජාලය සියල්ල සූදානම් කර තිබේ.

මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵලයේ උණුසුම, ලොව නවීන ටෙලිවිෂන් තාක්ෂණය සමගින් ඔබ වෙත ගෙනඑන්නේ 'SRI LANKA DECIDES' විශේෂ මැතිවරණ විකාශය ඔස්සේය.

2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට උදෑසන 07ට ආරම්භ වන අතර, ඒ මොහොතේ සිට මෙරට ජනතාවගේ විශ්වසනීයම ප්‍රවෘත්ති සන්නාමය වූ 'අද දෙරණ' විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ එහි සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර අවසන් ය.

හෙට පෙරවරු 6.25ට 'දෙරණ අරුණ' වැඩසටහන සමග මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ තොරතුරු ගෙනඒම ආරම්භ වන අතර, උදෑසන 08 සිට ටීවී දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ SRI LANKA DECIDES විශේෂ මැතිවරණ සජීවී විකාශය අඛණ්ඩව ප්‍රේක්ෂකයා වෙත ගෙනඑනු ලබයි.

දිවයින පුරා විසිර සිටින විශ්වසනීයම සහ වේගවත්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලය සහ රටේ සියලු දිස්ත්‍රික්වල ස්ථානගත කර සිටින 'අද දෙරණ' නිෂ්පාදන කණ්ඩායම් ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් ඡන්ද වීමසීමේ දර්ශන ඇතුළු සියලු දත්ත සහ තොරතුරු හෙට දිනය පුරා ඔබ වෙත ගෙන ඒමට මේ වනවිටත් සූදානම් කර අවසන්ය.

ඒ අනුව දකුණු ආසියාවේ විශාලතම ප්‍රවෘත්ති මැදිරියේ සිට අති නවීනතම තාක්ෂණය සහ ග්‍රාෆික සජීවීකරණ ක්‍රමවේද උපයෝගී කරගනිමින් විදෙස් විශේෂඥ කණ්ඩායම් රැසක තාක්ෂණික සහායද සමග අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ටෙලිවිෂන් අත්දැකීමක් ඔබගේ ටෙලිවිෂන් තිරය මත දිගහැරෙනු ඇත.

ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී  fm දෙරණ, adaderana.lk වෙබ් අඩවිය, අද දෙරණ කෙටි පණිවුඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම මැතිවරණයේ සියලු යාවත්කාලීන තොරතුරු ගෙන එනවා සේම අද දෙරණ facebook, youtube සහ X අවකාශය ඔස්සේද මැතිවරණයේ නිල ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට අප සූදානම්.

ඒ අනුව හෙට රාත්‍රියේ අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වූ පසු රාත්‍රී 7.30 සිට ඔබට විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශයත් සමග එක් විය හැකිය.

ඉකුත් ජනාධිපතිවරණයේ ඔබට ප්‍රතිඵල ගෙනආ පරිද්දෙන්ම අවසන් මනාප ප්‍රතිඵලය දක්වා සියලු මැතිවරණ තතු ඔබට මෙලෙස මාධ්‍ය කිහිපයක් ඔස්සේ එසැණින් ගෙන ඒමට අද දෙරණ සූදානම්.