පාකිස්තානයේ වායු දූෂණයෙන් දෛනික කටයුතු අඩාල වෙයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ වායු දූෂණයෙන් දෛනික කටයුතු අඩාල වෙයි

November 9, 2024   11:53 am

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය උද්‍යාන සහ සත්වෝද්‍යාන ඇතුළු බොහෝ පොදු ස්ථානවලට ජනතාවට ඇතුළුවීම ඊයේ (08) සිට තහනම් කර තිබේ.

ඒ, දැඩි වායු දූෂණයෙන් මිනිසුන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙසය.

එමෙන්ම ලාහෝර් නගරයේ පාසල් වසා දමා ඇති අතර නිවෙස්වල සිට කටයුතු සිදුකරන බව සඳහන් ය.