header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
කලාපයේ හුදකලා වූ මියන්මාරය තව තවත් චීනයට සමීප වෙයි
Nov 07, 202411:17 AM
කලාපයේ හුදකලා වූ මියන්මාරය තව තවත් චීනයට සමීප වෙයි
Mobitel 1278

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අවුන් සාන් සුකීගේ රජය පෙරළා දමා 2021 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ මිලිටරි ජුන්ටාවේ නායක මින්-ඔන්-හ්ලයින් චීනයේ සංචාරයක් ආරම්භ කළේය.

ආසියාන් සංවිධානය තුළ පවා හුදෙකලා වී සිටින මියන්මාරයට වඩාත් වැදගත් අසල්වැසියා වන චීනයට ඔහු පැමිණියේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු ප්‍රථම වතාවටය.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ආයෝමය හස්තයකින් මර්දනය කිරීමට කටයුතු කළත් මියන්මාරය අද පත්වී ඇත්තේ අස්ථාවර වාතාවරණයකටය.

විශේෂයෙන් මියන්මාරයේ චීන දේශසීමාව ඔස්සේ මේ වනවිට පැනනැගී ඇත්තේ අරාජික තත්ත්වයකි.

සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම්, හමුදා රජයට එරෙහි විපක්ෂ කණ්ඩායම් හා එක්වී මේ වනවිට විශාල ප්‍රදේශයක පාලනය සියතට ගෙන තිබේ.

මෙලෙස සිය දේශසීමාව අස්ථාවරවීම චීනයේ විශේෂ අවධානයට ලක්ව ඇති කරුණකි.

මියන්මාරයේ අස්ථාවරභාවය ඔවුන් සමග සිය උපක්‍රමීය සහ ව්‍යාපාරික අභිලාෂයන්ට තර්ජනයක් බව චීනය වටහාගෙන තිබේ.

මේ නිසා බටහිර රටවල සම්බාධකවලට මුහුණදෙන මියන්මාර හමුදා රජය සමග යහපත් සම්බන්ධතාවක් පවත්වාගැනීමට චීනය කටයුතු කරයි.

මියන්මාර රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කළේ මින්-ඔන්-හ්ලයින් චීනයේ නිල සංචාරය සඳහා කල්වේලා ඇතිව නික්මුණු බවය.

චීනයේදී ඔහු කලාපීය සමුළු කිහිපයකට සහභාගීවීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

චීනයේ කුන්මින් හිදී මිකොං උප කලාපීය ක්‍රමෝපාය ආර්ථික සහයෝගීතා සංවිධානයේ රැස්වීමකට සහභාගී වන මියන්මාර මිලිටරි ජුන්ටා නායකයා කාම්බෝජ, ලාඕස සහ වියට්නාම නායකයින් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව මියන්මාර රූපවාහිනිය සඳහන් කරයි.

එමෙන්ම වඩාත් වැදගත් ලෙස චීන බලධාරීන් සමග පවත්වන සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම මෙන්ම ක්ෂේත්‍ර රැසක ආර්ථික සහ සංවර්ධන සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මියන්මාර මිලිටරි ජුන්ටා නායකයා අවධානය යොමුකරනු ඇත.

සුළු ජාතික සහ අනෙකුත් ප්‍රතිරෝධී සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි යුද්ධයේදී මියන්මාරයේ ප්‍රධාන අවි සැපයුම්කරුවන් වන්නේ චීනය සහ රුසියාවය.

මියන්මාරයේ ප්‍රධාන වෙළෙඳ සහකරු වන චීනය එරට පතල්, තෙල් සහ ගෑස් නල මාර්ග ආදියේ ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදුකර තිබේ.

මියන්මාරයේ තවත් යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කරනු ලබන්නේ චීනය විසිනි.

මියන්මාරය හරහා දැවැන්ත තෙල් සහ ගෑස් නල මාර්ග ඉදිකරන චීනය, මියන්මාරයේ බෙංගාල බොක්කට නිරාවරණය වූ ගැඹුරු වරායක් ඉදිකිරීමට ද සැලසුම් කරයි.

චීනයේ මෝටර් රථ කර්මාන්තය සහ සුළං බලශක්ති ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය විරල ඛනිජ මියන්මාරයෙන් ආනයනය කෙරෙයි.

2021 වසරේ අප්‍රේල් මාසයේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ආසියන් සංවිධානයේ සමුළුවට සහභාගීවීමෙන් පසු මින්-ඔන්-හ්ලයින් විදේශ සංචාරයකට එක්වී තිබුණේ රුසියාවේ පමණි.

එහෙත් මියන්මාරයේ දේශපාලන අර්බුදයට සාමකාමී විසඳුමක් ගෙන ඒම සඳහා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීම නිසා ඉන් පසුව පැවති ආසියානු සමුළු සඳහා මියන්මාර නායකයාට හෝ රජයේ නිලධාරීන්ට ඇරයුම් කර නොමැත.

චීනය විසින් මේ ආකාරයෙන් මියන්මාර මිලිටරි ජුන්ටාව පිළිගැනීම මියන්මාර ප්‍රජාතනන්ත්‍රවාදී විපක්ෂයේ දෝෂ දර්ශනයට ද ලක්වී තිබේ.

ජාතික එකමුතු රජය ලෙස නම් කළ මියන්මාර විපක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කළේ මියන්මාර ජනතාවට අවශ්‍ය ස්ථාවරත්වය, සාමය සහ ආර්ථික වර්ධනය වැළකී ඇත්තේ මිලිටරි ජුන්ටාව නිසා බවය.

මේ නිසා ඔවුන්ට ලබාදෙන රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ද විපක්ෂය චීන රජයෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් චීනය පවසන්නේ හමුදා රජය විසින් ලබන වසරේ පැවැත්වීමට සැලසුම්කර ඇති මහ මැතිවරණය සඳහා තමන් සහාය ලබාදෙන බවය.

යෝජිත එම මැතිවරණය සඳහා සංගණනයක් ද දැන් ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් මිලිටරි ජුන්ටාව මෙම මැතිවරණය පැවැත්වීමට සැරසෙන්නේ තමන්ට අභියෝගයක් වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ රැසක් විසුරුවා හැරීමෙන් අනතුරුවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්