
පාකිස්තානයේදී චීන ජාතිකයන් දෙදෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වෙයි.
පාකිස්තානයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් කරච්චි හිදී රෙදිපිළි කම්හලක සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බව පැවසෙයි.
එරට මාධ්‍ය පැවසුවේ වෙඩිතැබීමෙන් අදාළ චීන ජාතිකයින් දෙදෙනා තුවාල ලබා ඇති බවය.
පසුගියදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ද චීන ජාතිකයන් දෙදෙනෙක් මියගොස් තිබුණි.





















































