header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්
ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්
Mobitel 1278

2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පැවති සීනුව නාද කිරීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

නව විෂය මාලා සංශෝධනය යටතේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කරන බව ඇය පවසන්නීය.

එහි පළමු අදියර ලෙස 2027 වසරේදී සියලු පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට මෙම විෂය හඳුන්වාදීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.

එමෙන්ම, පාසල් දරුවන් සහ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා Stock Market Game සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් ඇතුළු වැඩසටහන් දියත් කර ඇති බවද ඇය පෙන්වා දුනි.

මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේදී ආචාරධර්ම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, අනෙකුත් පුද්ගලයන් සූරාකෑමෙන් හෝ වංචා කිරීමෙන් මුදල් උපයා ගැනීම නොව, වගකීමෙන් සහ සදාචාරාත්මකව කටයුතු කිරීමේ වැදගත්කමද තරුණ පරපුරට හඳුන්වා දිය යුතු බව සඳහන් කළාය.

"අපට අවශ්‍ය කරන්නේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ගැන දැනුම සමාජයේ සීමිත පිරිසකට විතරක් සීමා වෙච්ච රටක් නෙමෙයි. රටේ සෑම පුරවැසියෙකුටම තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, නිසි ලෙස ඉතිරි කරන්න, අවදානම් තේරුම් අරගෙන ආයෝජනය කරන්න, ඒ වගේම වංචාකාරී මූල්‍ය ජාවාරම්වලට අසු නොවී සිටින්න පුළුවන් දැනුවත්භාවයක් ලබාදීමයි අපේ අරමුණ.

විශේෂයෙන්ම, අපේ අනාගතය භාරගන්න ඉන්න පාසල් දරුවන් වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා. ඒ නිසාම, නව විෂය මාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා "ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව" නමින් නව විෂය ක්ෂේත්‍රයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.

ඒ වගේම අද දියත් කෙරෙන "Stock Market Game" සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා දරුවන්ට සහ තරුණ පරපුරට කුඩා අවදියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය ගැන නිවැරදි අවබෝධයක් ලබාදෙන්න පුළුවන් වෙනවා.

කොළඹ කොටස් හුවමාරුවේ 40 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, දිවයින පුරා ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් ජනතාව අතරට මූල්‍ය දැනුම ගෙන යන්න දරන උත්සාහය රජයක් විදිහට අපි අගය කරනවා.

සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින්, රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කරලා දෙන්නත් අපි කැපවී සිටිනවා."

අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදිහට හිතන්න. අවස්ථා එනකම් බලා ඉන්නේ නැතුව, නව අවස්ථා සොයන්න, අවස්ථා නිර්මාණය කරන්න. විභාගයකට ලකුණු ගන්න විතරක් නෙමෙයි, ජීවිත කාලයටම උපකාරී වෙන නිවැරදි මූල්‍ය පරිශීලනයක් සමාජය තුළ ගොඩනඟන්න එකතු වෙන්න. යනුවෙන් පැවසීය. 
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !