
මොළයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය වර්ධනයට තාක්ෂණය දියුණු කිරීම වෙනුවෙන් කාල් ඩයිසරොත්, පීටර් හීගමන් සහ ගියෝග් නාගල් යන විද්‍යාඥයින්ට 2026 කායික විද්‍යාව - වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
මෙවර ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් පමණ බව සඳහන් වෙයි.
වෛද්‍ය විද්‍යා නොබෙල් ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ (Karolinska Institute) නොබෙල් එකමුතුව මගින් වන අතර, ජයග්‍රාහකයින් කිහිපදෙනෙකු සිටින අවස්ථාවලදී ඩොලර් මිලියන 1.2ක එම ත්‍යාග මුදල ඔවුන් අතර බෙදී යයි.
ඒ අනුව, මෙම නොබෙල් ත්‍යාග ප්‍රධානය අද (05) සිට ආරම්භ වෙයි.





















































