
2026 ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකු එක්වූ අතර සමස්ත පදක්කම් තුනක් හිමිකරගත් ශ්‍රී ලංකාව තරගාවලියේ 28වැනි ස්ථානය දිනාගනු ලැබීය.
ශ්‍රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම දිනාදීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සමත්වුණි.
එමෙන්ම කාන්තා ක්‍රිකට් ඉසව්වෙන් රිදී පදක්කමත් පිරිමි ක්‍රිකට් ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි වුණි.
මෙවර තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ චීනය හිමිකරගත්තේ සමස්ත පදක්කම් 341ක් දිනාගනිමිනි.
ඒ අනුව, මෙවර 20 වැනි Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙල අද (04) නිමාවට පත් වූ අතර, එහිදී උලෙළේ ධජය, මීළඟ සත්කාරක රාජ්‍යය වන කටාර්හි දෝහා නුවර වෙත භාරදීම ද සිදු විය.





















































