ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් තරගාවලි බලන්න ඉන්න අයට පණිවුඩයක්
November 4, 2024 05:10 pm
එළැඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය නොවැම්බර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
මේ අතර කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු නොවැම්බර් 07 වනදා සිට විවෘත කෙරේ.
මේ අතර 20යි 20 තරග පැවැත්වෙන දින වලදී දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව අසලද ටික කවුළුවක් ස්ථාපනය කෙරේ.
නොවැම්බර් 15 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
ප්‍රවේශ පත්‍ර කවුළු උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘත ව තැබෙන තර තරග පැවැත්වෙන දෙනවලදී උදෑසන 9 සිට සවස 8 දක්වා ටිකට් කවුළු විවෘතව තැබෙයි.