සයුරෙන් එතෙර
තායිවානය සහ අමෙරිකාව ඩ්‍රෝන යානා ගනුදෙනුවක
October 30, 2024 10:28 pm
ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් අමෙරිකාවෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා 1000ක් පමණ මිලදී ගැනීමට තායිවානය තීරණය කර තිබේ.
තායිවානයට චීනයෙන් එල්ලවන තර්ජන මැද මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව තායිවානය ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඩ්‍රෝන යානා ගනුදෙනුවට අදාළ ලිපි අත්සන් කර තිබේ.
අමෙරිකාවෙන් මිලදී ගන්නා ඩ්‍රෝන යානා තායිවානය වෙත භාරදීම 2024 සහ 2026 අතර සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.