
යුක්‍රේනයේ හටගෙන ඇති යුද්ධය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බව ඉන්දියාව සහ ජර්මනිය සඳහන් කර තිබේ.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජර්මානු චාන්සලර් අතර පැවැති සාකච්ඡා වටයකදීය.
විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධිත රටවලට ගෝලීය ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් යුක්‍රේනයේ යුද්ධයේ ඍණාත්මක බලපෑම් ද නායකයින් දෙදෙනා විසින් සාකච්ඡා කර තිබේ.
ජර්මානු චාන්සලර්වරයා නිල සංචාරයක් සඳහා මේ වනවිට ඉන්දියාවට පැමිණ සිටින අතර ඔහු සමග ජර්මානු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද ඉන්දියාවට පැමිණ සිටී.



















































