ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පහසු ඉලක්කයක්

October 25, 2024   04:22 pm

ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම අතර අද (25) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 135ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 140ක පහසු ඉලක්කයක් හිමිවිය.

ඕමානයේ  Al Amerat ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වේ.

පාකිස්තානු ඉනිම ඔසවා තැබූ ආරම්භක පිතිකරු ඔමාර් යුසුෆ් පන්දු 46කට මුහුණදෙමින් ලකුණු 68ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 14කට වඩා රැස්කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ දුශාන් හේමන්ත ලකුණු 21කට කඩුලු 4ක් බිඳදැමීමට සමත් විය.