මඩකලපුව අධිකරණ පරිශ්‍රයේ විශේෂ පරීක්ෂාවක්
October 25, 2024 03:51 pm
මඩකලපුව අධිකරණ සංකීර්ණය ඉලක්ක කරගනිමින් යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලියාපදිංචි තැපෑලෙන් යොමුකර තිබූ ලිපි දෙකක් පදනම් කරගනිමින්, මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (25) පෙරවරුවේ එම පරිශ්‍රය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළේය.
කිසියම් පාර්ශ්වයක් අදාළ ලිපි මගින් ඔක්තෝබර් මස 24, 25 හෝ 28 යන දින තුනෙන් එකකදී මඩකලපුව අධිකරණ සංකීර්ණයට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැනුම්දීමක් කර තිබේ.
එම ලිපි මඩකලපුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මඩකලපුව මහේස්ත්‍රාත්වරියට යොමුකර ඇත.
ඒ අනුව මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද උදෑසන එම පරිශ්‍රය සෝදිසි කිරීමට පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ පරිශ්‍රයේ තිබී සැකකටයුතු කිසිවක් හමුව නොමැති බවයි.
අදාළ ලිපි මඩකලපුව තැපැල් කාර්යාලයෙන් ලියාපදිංචි තැපෑලට යොමු කර තිබූ ඒවා බවත්, ලිපි එවූ පාර්ශ්වය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
මඩකලපුව අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව තර කර තිබෙන අතර, සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ක්‍රියාත්මකය.