සයුරෙන් එතෙර
පාකිස්තාන අගනුවර ලොක්ඩවුන් කෙරේ
October 14, 2024 04:26 pm
චීන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් එම නගරයේ ගමනාගමනය සීමාකර ආරක්ෂාව තරකිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව සඳහා සහභාගීවීමට චීන අග්‍රාමාත්‍ය ලී චියෑන් අද පාකිස්තානයට පැමිණියේය.
පාකිස්තානයට චීන අගමැතිවරයෙක් පැමිණ ඇත්තේ වසර 11කට පසුව වීම විශේෂත්වයකි.
මෙම සමුළුව හේතුවෙන් දින තුනක මහජන නිවාඩු දිනයක් ඉස්ලාමාබාද් නගරය සඳහා නිවේදනය කර ඇති අතර එම නගරයේ පිහිටි පාසල් සහ ව්‍යාපාර වසාදමා තිබේ.
එසේම පොලීසිය සහ ආරක්ෂක හමුදාව යොදවා නගරයේ ආරක්ෂාව තරකර ඇත.