රට වෙනුවෙන් දිලිත් සමග කෑගල්ලෙන් තවත් පිරිසක්

රට වෙනුවෙන් දිලිත් සමග කෑගල්ලෙන් තවත් පිරිසක්

October 5, 2024   07:56 pm

කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අද (05) මව්බිම ජනතා පක්ෂය හා එක්වුණි.

එහිදී, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඔවුන්ට කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධූර පිරිණැමීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ මහතා,

"අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩු බලය දෙන්න ඕනේ.. 113ම දෙන්න... හැබැයි 150 දෙන්න යන්න නම් එපා. 150 ඕනේ ඒවට අපි දෙන්නම්. හොරකම් කරල ගෙනිච්ච සල්ලි ගෙන්න අත උස්සලා 150.... තුනෙන් දෙක දෙන්න අනුර කුමාර මහත්තයාගේ අණ්ඩුවට අපි සූදානම්. ප්‍රධාන විපක්ෂය අද සර්වජන බලයම එකතුවෙලා ඉන්න මව්බිම ජනතා පක්ෂයට දෙන්න. මොකද ඒකට හොඳ පිරිසිදු පිරිසක්, ආදර්ශමත් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා."