
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් චීනය සහ බ්‍රසීලය එක්වී ඉදිරිපත් කර ඇති සාම සැලසුම් යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව තම රටෙන් සිය හමුදා ඉවත් කර ආක්‍රමණය අවසන් කිරීම පමණක් පිළිගත හැකි සාම සැලැස්ම බවය.
චීනය සහ බ්‍රසීලය ඉදිරිපත් කර ඇති සාම සැලසුමට විරෝධය පෑම සඳහා යුක්‍රේනය අමෙරිකාවේ සහාය ද බලාපොරොත්තු වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.



















































