චීනය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි
සයුරෙන් එතෙර

චීනය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

September 26, 2024   10:31 am

චීනය විසින් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය කනස්සල්ල පළ කර තිබේ.

ඊයේ (25) දිනයේ චීනය විසින් ජාත්‍යන්තර මුහුද වෙත බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබුණි.

සිය අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විසින් අනෙකුත් රටවල් දැනුවත් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව පවසන ජපානය ඊට කනස්සල්ල පළ කර ඇති අතර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ද  කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.