
සිය රටට පැමිණෙන පාකිස්තාන යාචකයින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයෑම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞදි අරාබිය පාකිස්තානයට පවසයි.
සෞදි අරාබිය පෙන්වා දෙන්නේ වන්දනාකරුවන් ලෙස මෙම පිරිස සිය රටට ඇතුළුවන බවය.
තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තාන වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද සෞදි බලධාරීන් අනතුරු අඟවා ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආගමික කටයුතු අමාත්‍යාංශය පනතක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.





















































