පාරක් සම්පූර්ණයෙන් අවහිර කළ දර ලොරිය
September 9, 2024 04:15 pm
ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබූ දැව තොගයක් ප්‍රධාන මාර්ගය හරහා වැටීමෙන් හැටන්, බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නොර්වුඩ් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් පවසයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ, හැටන් දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයේදී අද (09) සවස 2ට පමණය.
කිතුල්ගල සිට මස්කෙළිය දක්වා දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ දැව ගැට ගසා තිබූ ආධාරකයක් ගැලවී යාමෙන් ලොරි රථයේ තිබූ දැවවලින් විශාල කොටසක් ප්‍රධාන මාර්ගය හරහා විසිරී ගොස් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.
ප්‍රධාන මාර්ගයේ විසිරී තිබූ දැව තොගය ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය යළි යථා තත්ත්වයට පත්ව ඇති බව "අද දෙරණ" වාර්තාකරු පවසයි.