header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
නාමල් දැක්ම එළි දැක්වෙයි
Sep 02, 202412:24 PM
නාමල් දැක්ම එළි දැක්වෙයි
Mobitel 1278

* බදු බර පහළ ට

* සමෘද්ධි සහනය නැවතත්

* අලුතෙන් රැකියා

* අතමිට සරු තාරුණ්‍යයක්

"ඔබ වෙනුවෙන් දියුණු රටක්" "නාමල් දැක්ම" ලෙස නම්කර ඇති ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) උදෑසන කොළඹ දී එළිදැක්වීය.

පිටු 50කින් සමන්විත එය නම් කර ඇත්තේ 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.

එහි සුවිශේෂි කරුණු කිහිපයක් පහතින්.

බදු බර පහළ ට

සියලු ජනතාව මත පටවා ඇති එකතු කළ අගය මත බදු (VAT) සහ උපයන විට ගෙවීමේ බදු (PAYE) ක්‍රමානුකූලව සංශෝධනය කරනු ලැබේ.

එමගින් අඩු විය හැකි අපේක්ෂිත රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා රේගුව, ආදායම් බදු සහ සුරා බදු දෙපාර්තමේන්තු තුළ පවත්නා දෝෂ වහාම නිවැරදි කරනු ලැබේ.

සමෘද්ධි සහනය නැවතත්

ස්ථිර ආදායමක් නොමැති දෛනිකව අඩු ආදායම් උපයා ගන්නා ජනතාවට තුන්වේලටම ආහාර සපයා ගැනීමට ප්‍රමාණවත් සහනාධාර මුදලක් අඛණ්ඩව ලබා දීමට පියවර ගනු ලැබේ.

අතමිට සරු තාරුණ්‍යයක්

ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවත්නා, මෙරට සිට කළ හැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තොරතුරු තාක්ෂණ කලාප පිහිටුවනු ලැබේ.

එම රැකියා සඳහා අත්‍යවශ්‍ය අන්තර්ජාල පහසුකම් මත පනවා ඇති බදු වහාම සංශෝධනය කෙරේ.

විදෙස් ආයෝජන කඩිනමින්

අත්‍යවශ්‍ය විදෙස් විනිමය ලබා ගැනීම සඳහා විශේෂ ආයෝජන පහසුකම් සපයනු ලැබේ.

ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 250,000 ට වැඩි ආයෝජන ගෙනෙන ආයෝජකයන් සඳහා විශේෂ වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ.

ඩොලර් ගෙනෙන සංචාරක පිබිදුමක්

ආර්ථික ස්ථායීකරණය සඳහා මේ මොහොතේ අත්‍යාවශ්‍ය විදේශ විනිමය ආදායම කඩිනමින් ඉහළ නැංවීම සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛතාවය දෙමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබේ.

දළ දේශීය නිෂ්පාදන ඉලක්කය

* ඉදිරි දශකය තුළ අපගේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 180 ක් ඉක්මවන දළ දේශීය නිෂ්පාදනයකි. ඒ අනුව 2035 වන විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් 8,000 සීමාව පසු කරනු ඇත.

* ඉදිරි වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදනයට කෘෂි සහ පශු කර්මාන්ත අංශයේ දායකත්වය 10% ටත්, නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය 25% ටත්, සේවා අංශයේ දායකත්වය 65% ටත් පවත්වා ගැනීමට කටයුතු කෙරේ.

ණය ගෙවන ආර්ථිකයක්
හැකි ඉක්මනින් සියලු ආකාරයේ ණය ආපසු ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනැගීමෙන් රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 80% දක්වා ක්‍රමිකව අඩු කිරීම අපගේ ප්‍රතිපත්තිමය ඉලක්කයයි.

රුපියලට ස්ථාවර අගයක්

දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, වෙ‍ෙළඳ ශේෂය සහ අයවැය හිඟය කළමනාකරණය තුළින් ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම අපගේ ප්‍රතිපත්තියයි.

විරැකියාවට විසඳුම්

සෞඛ්‍ය, ඉදිකිරීම්, අධ්‍යාපන සහ පුහුණු, මෘදුකාංග ඉංජිනේරු, දත්ත විශ්ලේෂණ, සයිබර් ආරක්ෂණ, ඉ-වෙළඳාම, නිෂ්පාදන නිර්මාණක, ඩිජිටල් නිර්මාණ අලෙවිය වැනි ඊළඟ දශකයේ ඉහළ ඉල්ලුමක් ඇති වන ක්ෂේත්‍ර ඉලක්ක කර රැකියා උත්පාදනය කිරීමටත්, රැකියා උත්පාදනය කරන ව්‍යාපාර සහ එම රැකියා සඳහා පුහුණු කරන ආයතන සඳහා බදු සහන සහ ආයෝජන පහසුකම් ලබා දීමටත් ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

උද්ධමනය සහ පොලී අනුපාත තනි ඉලක්කමක

ආර්ථික වර්ධන වේගයේ සාමාන්‍යය 7% කට ආසන්න මට්ටමේ පවත්වා ගෙන යන අතර ජීවන වියදම වැඩි වීම අවම කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ. අයවැය හිඟය කළමනාකරණය තුළින් සහ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය මගින් පොලී අනුපාත තනි අගයක පවත්වා ගැනීම අපගේ ප්‍රතිපත්තිමය ඉලක්කයයි.

ඉ-ආණ්ඩුකරණය

* එකිනෙකට සහසම්බන්ධ විවිධ අංශ ගණනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසු සහ වේගවත් ක්‍රමය වන්නේ ඉලෙක්ට්‍රොනික් පද්ධති මත ඒවා ස්ථාපනය කිරීමයි. එමගින් ඩිජිටල් ක්‍රමයට රාජ්‍ය ආයතන එකිනෙක අතර තත්කාලීන තොරතුරු හුවමාරුව සඳහා පහසුකම් සැපයෙනු ඇත.

* ඒ සඳහා අවශ්‍ය නවීන සහ දූෂ්‍ය කළ නොහැකි ජාත්‍යන්තර ප්‍රමිතියේ ආරක්ෂිත මෘදුකාංග ස්ථාපනය කර සමස්ත රාජ්‍ය සේවා සැපයුම් ජාලය ආවරණය වන පරිදි දියුණු කරනු ලැබේ.

* ජීව දත්ත ඇතුළත් ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත් ක්‍රමය ස්ථාපනය කර අදාළ පුද්ගලයාගේ තොරතුරු එක් එක් ආයතන වෙත නැවත නැවත ලබා දීමට අවශ්‍ය නොවන පරිදි රාජ්‍ය සේවා පහසු සහ වේගවත් කරනු ලැබේ.

* එමගින් සෑම කාර්යයක් සඳහාම ඈත ප්‍රදේශවල සිට කොළඹට පැමිණීමෙන් ජනතාවට සිදු වෙන රස්තියාදුව, කාලය හා ධනය අපතේ යාම වළක්වා ගත හැකි වෙනු ඇත. එම සේවාවන් තම ප්‍රදේශයේදීම සපයා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති අතර වසරක් ඇතුළත මෙම සේවාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් නිවසේ සිටම සපුරා ගැනීමට පහසුකම් සපයනු ලැබේ.

රාජ්‍ය ව්‍යවසාය විකිණීමෙන් තොරව ප්‍රතිසංවිධානය

රාජ්‍ය ව්‍යවසාය විකිණීම අපගේ ප්‍රතිපත්තිය නොවේ. රාජ්‍යය සතු ඉඩම්, ස්වභාවික සම්පත් සහ ව්‍යවසාය නව්‍යකරණය කිරීමෙන් සහ ඒවායේ ක්‍රියාවලි කාර්යක්ෂම කිරීමෙන් ජනතාවටත් සේවකයන්ටත් ලාභ සහ ප්‍රතිලාභ උපයා දීම අපගේ ප්‍රතිපත්තියයි.

ඒ සඳහා නිශ්චිත ඉලක්ක සහිත ප්‍රතිසංවිධානයක් සිදු කිරීම සඳහා ව්‍යවසායී විධායක මණ්ඩල පත් කරනු ලැබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සහ තාක්ෂණික සහාය සඳහා දේශීය පුද්ගලික අංශය සහසම්බන්ධ කර ගැනීමට පහසුකම් සපයනු ලැබේ.

ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ගෞරවය

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ වගකීම සහ බැඳීම රාජ්‍යය ව්‍යවස්ථාව සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් ආරක්ෂා කිරීමය.

අපහසුතාවයන්ට ලක් නොවී එම සේවය කිරීමට ඔවුන්ට අවශ්‍ය නායකත්වය සහ පහසුකම් සැපයීම අපගේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා රටේ සියලුම හමුදා සහ පොලිස් ස්ථාන නවීකරණයටත් නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කිරීමටත් කටයුතු කරනු ලැබේ.

එමෙන්ම අප විසින් ඉදි කළ ත්‍රිවිධ හමුදා මූලස්ථානය අංග සම්පූර්ණ කරනු ලැබේ.

සෑම ගමකටම එක් පොලිස් නිලධාරිනියක් නම් කරන අතර ඒ වෙනුවෙන් පොලිස් කාන්තාවන් 10,000 ක් අලුතෙන් බඳවා ගනු ලැබේ.

විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වෙමින් තිබේ. ඉහත සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා තරුණ ශ්‍රම බලකාය මෙන්ම විශ්‍රාමික ප්‍රජාවටද ගෞරවාන්විතව සහාය දැක්වීමට හැකි ආකාරයේ සහසබැඳි වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ.

තව දුරටත් සේවයේ යෙදීමට හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසික දීමනාවක් හිමි වන ස්වේච්ඡා සේවා සංචිතයක් පිහිටුවනු ලැබේ.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වර්තමාන වැටුප් තලයන්ට ගැලපෙන පරිදි ඉහළ නංවනු ලැබේ.

ඔවුන්ගේ ස්ථිර තැන්පතු සඳහා වෙළෙඳපොළ සාමාන්‍ය පොලියට වඩා වැඩි පොලියක් ගෙවනු ලැබේ.

මෙම ප්‍රජාව සඳහා දැනට ලබාදෙන රක්ෂණ ඇතුළු අනෙකුත් වරප්‍රසාද ඉහළ නංවනු ලැබේ.

මූල්‍ය ක්ෂේත්‍රෙය් නවීකරණය

ආර්ථිකයෙන් 20-30% දැනට සිදු වන්නේ බැංකු පද්ධතියෙන් පිටතය. එය එම ව්‍යවසායකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටද අනාරක්ෂිත වන අතර රාජ්‍ය ආර්ථිකයටද අහිතකරය. එබැවින් සමස්ත ගනුදෙනු 90% බැංකු පද්ධතිය තුළට ගෙන ඒමට අවශ්‍ය නියාමනය සහ පහසුකම් ස්ථාපනය කිරීම අපගේ ප්‍රතිපත්තියයි.

නිර්මාණකාරක ආර්ථිකයට හැඩයක්

විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ විශාල ග්‍රාහක පිරිසක් නරඹන ශ්‍රව්‍ය-දෘශ්‍ය නිර්මාණ සෑදීම, එකලස් කිරීම සහ බෙදා හැරීම අද වන විට තරගකාරී ගෝලීය සේවා අංශයකි. ලංකාවේ එවැනි නිර්මාණකරුවන්ට සිය සේවා සැපයීම සඳහා පහසුකම් සපයනු ලැබේ.

ලාංකේය කලාව සංස්කෘතික ලෝකයට

කලාව යනු රටක සංස්කෘතිය විදහා පාන සුවිශේෂී ආකාරයකි. අපගේ ඉපැරණි සංස්කෘතික කලාවන් පෝෂණය කර නවීනත්වයෙන් යුතුව ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යන සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කිරීමට කටයුතු කරනු ලැබේ. නැටුම්, ගැයුම්, වැයුම් සහ රැඟුම් ඇතුළත් ලංකාවේ කලාව අන්තර්ජාතික සංස්කෘතික නිෂ්පාදනයක් ලෙස දියුණු කිරීම සඳහා පහසුකම් සපයනු ලැබේ.

ගෝලිය ආධ්‍යාත්මක මධ්‍යස්ථානයක්

මේ වන විට ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ ගැටලුවක් බවට පත්ව ඇත්තේ තම මානසික සුවතාව බිදීයාමයි. ඒ නිසා ඔවුන් තම මානසික සුවය පතා ලෝකයේ විවිධ තැන්හි ඇති විවිධාකාර ක්‍රමවේදයන් සොයා යන්නට පටන් ගෙන තිබේ. විවිධ භාවනා ක්‍රම ඇතුළත් නිර්මල බුදුදහම ප්‍රමුඛ විවිධ ආසියාතික ආගමික හර පද්ධතීන් ඊට තෝතැන්නකි. එබැවින් ඒ සියලු ආගමික හරයන්ගෙන් සැදුම්ලත් ගෝලීය අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් බවට අපේ රට පත් කරන්නෙමු.

ප්‍රවාහන සේවා නවීනත්වයට

* පැරණි බස් රථ ක්‍රමානුකූලව භාවිතයෙන් ඉවත් කර ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන සහ සුවපහසු බස් රථ පමණක් මින් ඉදිරියට ගෙන්වීම සඳහා නව බලපත්‍ර සහ ණය පහසුකම් සපයනු ලැබේ.

* අපරික්ෂාකාරී ලෙස බස් රථ ධාවනය කරන රියදුරන්ගේ බලපත්‍ර අත්හිටුවා ඔවුන්ට නිසි උපදේශනය සහ රිය පුහුණුව ලබා දීමෙන් පසුව නව බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

* ඊළඟ දශකය තුළ දුම්රිය සේවයේ පූර්ණ නව්‍යකරණයක් සිදු කරනු ලැබේ. පවතින දුම්රිය මාර්ග මගින් දෙගුණයක ඵලදායිතාවයක් ලබා ගත හැකි පරිදි නව දුම්රිය යොදවන අතර දුම්රිය කාලසටහන් සහ ප්‍රවේශ පත්‍ර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පද්ධතියක් ඔස්සේ සිදු කරනු ලැබේ.

* මහා මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම නිසා මාර්ග තදබදය වැඩි වේ. එබැවින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ග වැඩිපුර භාවිතා කිරීම සඳහා පහසුකම් සපයනු ලැබේ.

* අධිවේගී මාර්ගයන්ට සමාන්තරව දුම්රිය මාර්ග ඉදි කිරීමට කටයුතු කරනු ලැබේ.

* එමෙන්ම දිවයින වටා පිහිටා තිබෙන නාවික තොටුපොළ සහසම්බන්ධ කරමින් මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා පුළුල් කරනු ලැබේ.

* අන්තර්ජාතික නාවික ප්‍රවාහන ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාව තවදුරටත් එම අංශයෙන් දියුණු කිරීමට කටයුතු කරනු ලැබේ.

ව්‍යවසායකයන් සඳහා ප්‍රාග්ධනය

නව්‍යකරණයන් සිදු කළ පමණින් ඒවා සාර්ථක නොවේ. වෙළෙඳ පොළ අවශ්‍යතාවයන් සපුරාලිය හැකි පරිදි නව්‍යකරණ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම ව්‍යවසායකත්වයයි. ඕනෑම රාජ්‍යයක ආර්ථිකය දියුණු වන්නේ ව්‍යවසායකයන් නිසාය. නමුත් ඒ සඳහා ඔවුන් අවදානමක් දැරිය යුතුය.

* එබැවින් දේශීය ව්‍යවසායකයන් දියුණු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සහ අනෙකුත් පහසුකම් සැපයීමට කටයුතු කරනු ලැබේ. ඒ සඳහා ඉලක්ක ගත නිෂ්පාදන අංශ තුළ නව්‍ය ව්‍යවසාය සිට මහා පරිමාණ ව්‍යවසාය දක්වා සහසබැඳි ආයෝජන වැඩසටහන් හඳුන්වා දෙනු ලැබේ.

* ආයෝජන විධිමත්ව සහ පහසුවෙන් සිදු කිරීම සඳහා ව්‍යාපාරික බැංකුවලට අමතරව ව්‍යවසාය සංවර්ධන ආකෘතියට සමූපකාර බැංකු හරහා වසරකට රුපියල් බිලියන 10 ක ආයෝජන සිදු කරනු ලැබේ.

* එමෙන්ම විදේශීය සහ දේශීය ව්‍යවසායකයන් අතර සහසම්බන්ධයෙන් ව්‍යාපාර ගොඩනැගීම සඳහා පහසුකම් සැපයේ.

* පුද්ගලික හිමිකාරීත්ව ප්‍රාග්ධන ආයෝජන මෙන්ම කොටස් වෙළෙඳ පොළ හරහා ආයෝජන අවස්ථා වැඩි කිරීම සඳහා අවශ්‍ය නව පනත් සහ පහසුකම් සපයනු ලැබේ.

* සමාජ සහ පාරිසරික ගැටලු නව්‍යාකාරයෙන් විසඳන සමාජ ව්‍යවසායකයන් සඳහා රුපියල් බිලියනයක සමාජ ආයෝජන අරමුදලක් හඳුන්වා දෙනු ලැබේ. එමගින් ආණ්ඩුව විසින් දැරිය යුතු වියදම් අඩු කර ව්‍යවසායී විසඳුම් මගින් එම ගැටලු විසඳිය හැකි වෙනු ඇත.

* විදේශීය ආයෝජන වැඩි කිරීම සඳහා ඇති බාධා ඉවත් කර පහසුකම් සපයනු ලැබේ. එම ආයෝජන විනිවිද භාවයකින් සහ විධිමත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරනු ලැබේ.

* දේශීය ව්‍යවසාය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළ සැපයුම් දාම සමග සම්බන්ධ කිරීම සඳහා පහසුකම් සපයනු ලැබේ.

නාමල්_දැක්ම_2025-35_ප්‍රතිපත්තිමය_වැඩපිළිවෙළ (NAMAL_VISION_2025-35_Policy_Programme by poornima on Scribd

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ