ග්‍රාම සේවකයින් දැඩි තීරණයක් ගනියි

ග්‍රාම සේවකයින් දැඩි තීරණයක් ගනියි

August 11, 2024   12:36 pm

ග්‍රාම සේවකයින් හෙට සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව පවසයි.

ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය.