රු.කෝටි 25ක කුෂ් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

රු.කෝටි 25ක කුෂ් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

April 3, 2026   07:59 am

රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත්  තිබුණි.

ඔහු රැගෙන පැමිණි ගමන් මලු 04 ක තිබූ  සයිලන්සර් 16 ක් තුළ සූක්ෂම ලෙස මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සගවා තිබුණි.

රේගුව සඳහන් කළේ, එම සයිලන්සර් තුළ තිබී " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500 ක් සොයාගත් බවයි.

එම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වන " රක්ත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ අවස්තාවේ දී සැකකරු රේගු භාරයට පත්ව තිබුණි.