මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය අදින් ඇරඹෙයි
August 10, 2024 04:11 pm
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය අද (10) ආරම්භ වෙයි.
ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද පස්වරු 6.06ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් සංවිධානය කරනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය මෙරට සංස්කෘතියේ වැදගත් අංගයකි.
පෙරහැර මංගල්‍යයට වෙනුවෙන් කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු , කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වුණු අතර එහි 5 වන පෙරහැර එනම් අවසන් අභ්‍යන්තර පෙරහර ඊයේ රාත්‍රියේ විථී සංචාරය කෙරුණි.
අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් අනතුරුව බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ මෙලෙස වීථී සංචාරය කෙරෙයි.
කුඹල් පෙරහර සඳහා අලි ඇතුන් 40 ක් එක් කර ඇති අතර නැටුම් කණ්ඩායම් 20ක් ද ඊට සහභාගී වෙයි.
මෙවරත් පෙරහර නැරඹීම සඳහා අද උදෑසන සිටම දෙස් විදෙස් විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා විය.
පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.
ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර 5ක් අගෝස්තු 14 වනදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහැර ලබන 15 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.