රුසියාව, චීනය සහ පකිස්තානය UN ආරක්ෂක මණ්ඩලයෙන් කළ ඉල්ලීම
June 23, 2025 08:14 am
මැද පෙරදිගට කළාපයට කොන්දේසි විරහිතව සටන් විරාමයකට යොමු වන ලෙස ඉල්ලා රුසියාව, චීනය සහ පකිස්තානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිපත් කර තිබේ.
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (22) රැස්ව තිබේ.
එම රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා ඇත්තේ, " අමෙරිකාව විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීම භයානක ක්‍රියාවක් සනිටුහන් කරන අතර සටන් නතර කර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ බරපතළ, තිරසාර සාකච්ඡාවලට නැවත පැමිණීමට අපි වහාම තීරණාත්මකව ක්‍රියා කළ යුතුයි." යනුවෙනි.
1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයට එරෙහි විශාලතම බටහිර මිලිටරි ක්‍රියාමාර්ගයකට, අමෙරිකාව ඊශ්‍රායලය සමග එක්වෙමින් ටෙහෙරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රුසියාව සහ චීනය අමෙරිකාවේ මෙම ප්‍රහාර හෙළා දුටුවේය.
මෙම රැස්වීමේ දී චීනයේ එක්සත් ජාතීන්ගේ තානාපති ෆු කොං පවසා ඇත්තේ "බලහත්කාරය භාවිතා කිරීමෙන් මැද පෙරදිග සාමය අත්කර ගත නොහැකි අතර ඉරාන න්‍යෂ්ටික ගැටලුව විසඳීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම තවමත් අවසන් වී නොමැති අතර, සාමකාමී විසඳුමක් සඳහා තවමත් බලාපොරොත්තුවක් තිබේ." යනුවෙනි.
නමුත් එක්සත් ජාතීන්ගේ වැඩබලන එක්සත් ජනපද තානාපති ඩොරති ෂියා කවුන්සිලයට පවසා ඇත්තේ වොෂින්ටනයට තීරණාත්මකව ක්‍රියාකිරීමට කාලය පැමිණ ඇති බවය.
ඊශ්‍රායලය මුලිනුපුටා දැමීමේ උත්සාහය අවසන් කර න්‍යෂ්ටික අවි සඳහා වන එහි ඉදිරි ක්‍රියාමාර්ග අවසන් කරන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින ලෙසද ඇය ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.