පාකිස්තානයේ මාස 6කට ළමා අපචාර 1,630ක්

පාකිස්තානයේ මාස 6කට ළමා අපචාර 1,630ක්

August 9, 2024   03:27 pm

2024 වසරේ පළමු මාස 6 තුළ පාකිස්තානයේ ළමා අපචාර සිද්ධීන් 1,630ක් සිදුව ඇති බවට අනාවරණ වී තිබේ.

එරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම අනාවරණය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ කාලය තුළ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් 862ක්, පැහැරගැනීම් 668ක්, අතුරුදන්වීම් 82ක් සහ ළමා විවාහ සිද්ධීන් 18ක් සිදුව ඇති බව සඳහන්ය.

අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩයේ ළමුන් වැඩි වශයෙන් අපයෝජනයට ලක්ව ඇති බව අනාවරණය වී ඇත.