සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර 

සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර 

August 4, 2024   04:54 pm

''එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්'' තේමාවෙන් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහා සමුළුව අද (04) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යි.

සමුළුව සඳහා සර්වජන බලයේ විධායක කමිටුව නියෝජනය කරන පක්ෂ නායකයින්, නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය. 

මෙහිදී මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

සර්වජන බලය විධායක සභාව විසින් දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේය.