
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් දැනුම් දී ඇත.
වසර 76ක කාලයක් රට පාලනය කළ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායම් විසින් රට බංකොළොත්භාවයට පත්කර ඇති බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට නම් දුෂණය නතර කළ යුතු බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.






















































