
හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වයෝවෘද්ධ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන, පසුව රෝහල්ගත කර සිටියදී පලාගිය ප්‍රධාන සැකකරු යාපනය ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මැයි 21 වන දින දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය 82 හැවිරිදි වියේ පසුවූ අඹුසැමි යුවළක් මෙලෙස ඝාතනය කර තිබුණි.
සැකකරු ඔවුන් ඝාතනය කර රන් භාණ්ඩ ද සොරාගෙන තිබුණි.
සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබූවද, හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී ඔහු ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබුණි.
පසුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී යාපනය ප්‍රදේශයේ සැඟව සිටි සැකකරු මෙලෙස නැවත අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
























































