22 ගැන ඇත්ත කතාව ඇමති සුසිල් කියයි

22 ගැන ඇත්ත කතාව ඇමති සුසිල් කියයි

July 21, 2024   02:07 pm

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ න්‍යායපත්‍රයට ඇතුළත් කර නොමැති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

සභානායකවරයා අවධාරණය කර සිටියේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බවය.

ප්‍රශ්නය - 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය?

සභානායකවරයා - ඒක මම හිතන්නේ දැම්ම එන එකක් නැහැ.

ප්‍රශ්නය - ඔබතුමා සභානායකවරයා විදියට? 

සභානායකවරයා - දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට දාලා නැහැ

ප්‍රශ්නය - ඔබතුමාට විශ්වාසයක් තියෙනවා මේක එන්නේ නැහැ?

සභානායකවරයා - ලබන සුමානේ න්‍යාය පත්‍රය මම ඊයේ හැදුවා, ඉතින් ඒකේ නැහැනේ 

ප්‍රශ්නය - ඒ කියන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ වත් එන එකක් නැද්ද?

සභානායකවරයා - එහෙම ආවා කියලා දින වකවානු ගත්තොත් ඒකේ තියෙන්නේ සැකහැර දැනගැනීමක් පමණයි. ඉන් එහා මැතිවරණයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒක විවිධ කණ්ඩායම් සහ හරියට කියවපු නැති අය කරන ප්‍රකාශයක් විතරයි.