ශ්‍රී ලංකාවේ ජාතික සම්පත තරුණ පරපුර බව ජනපති කියයි

ශ්‍රී ලංකාවේ ජාතික සම්පත තරුණ පරපුර බව ජනපති කියයි

July 19, 2024   04:27 pm

මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රටට ඉතිරිවන මුදල් අධ්‍යාපනයටත්, සෞඛ්‍යයටත් ලබා දෙන බව ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කරන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ නව සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.