සයුරෙන් එතෙර
වනඅලි දුම්රියේ ගැටීම් වැළැක්වීමට ඉන්දියාවෙන් AI
August 13, 2025 07:42 pm
වන අලින්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේ අපූරු ව්‍යාපෘතියක් මේ දිනවල දකුණු ඉන්දියාවේ තමිල්නාඩු හි මඩුක්කාරායි වනාන්තර කලාපයෙන් වාර්තා වී තිබේ.
දුම්රිය මාර්ග දෙපස පිහිටි කුලුනුවල සවිකළ කැමරා භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම අනතුරු ඇඟවීමේ පද්ධතිය සවිකර ඇත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීය.
එතැන් සිට මේ වනවිට වනඅලි, දුම්රිය මාර්ග අසල ගැවසෙන බවට සංඥා 6,000ක් නිකුත් වී ඇති අතර වනඅලි ඉතා ආරක්ෂිතව දුම්රිය මාර්ගය හරහා ඔබමොබ යාමේ අවස්ථා 2,800ක් වාර්තා වී තිබේ.