සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
July 16, 2024 11:17 am
සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවය.
කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකිය.
තව ද, උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතී.
මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබේ.