
කොලොම්බියාව 1-0ක් ලෙස පරාජය කරමින් 16 වැනි වරටත් "කෝපා අමෙරිකා" පාපන්දු ශූරතාවය දිනා ගැනීමට ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම සමත්විය.
මයාමි හි පැවති මෙම අවසන් තරගයේදී කණ්ඩායම් දෙකම තියුණු තරංග විලාසයක් පෙන්වූ අතර තරගයේ අතිරේක කාලයේදී ජයග්‍රාහී ගෝලය රැස්කිරීමට ලෞටාරෝ මාර්ටිනස් සමත් විය.
නමුත් මෙම තරගයේ දෙවැනි අර්ධයේදී ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී ආබාධයක් හේතුවෙන් හඬමින් පිටියෙන් ඉවත් විය.



















































