අරුණ දර්ශන ට 'මතු දෙරණ' සවිය දෙයි
July 12, 2024 09:47 pm
දක්ෂතාවලින් පරිපූර්ණ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට සවියක් වීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය ආරම්භ කළ "මතු දෙරණ" ව්‍යාපෘතිය යටතේ, මෙවර පැරිස් ඔලිම්පික් වරම් දිනාගත් අරුණ දර්ශනට මූල්‍ය අනුග්‍රාහක ශිෂ්‍යත්වයක් අද (12) පිරිනැමුණි.
ඒ දෙරණ කාර්යාල පරිශ්‍රයේදීය.
මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා 25 හැවිරිදි අරුණ දර්ශන පසුගියදා සුදුසුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු එම ඉසව්ව සඳහා ඔලිම්පික් වරම් දිනාගනු ලැබවේ, වසර 20කට පසුවය.
සේරුනුවර දුෂ්කර ගම්මානයක උපන් අරුණ දර්ශන සේරුනුවර ශ්‍රී දෙහිවත්ත මහා විද්‍යාලයෙන් හා අකුරුම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලෙන් මලල ක්‍රීඩාවට අත්පොත් තැබීය.
දීප්තිමත් අනාගතයක් ඇති අරුණ දර්ශනගේ ක්‍රීඩා දිවියට අත්වැලක් වීමේ අරමුණෙන් 'මතු දෙරණ' මෙම පියවර ගෙන තිබුණි.
එම ශිෂ්‍යත්වය අරුණට පිරිනැමුවේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසිනි.