අම්බානි පුතුගේ දින 3ක විවාහ මංගල උත්සවය ඇරඹෙයි
July 12, 2024 03:37 pm
යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින 03ක විවාහ මංගල්‍ය අද (12) ආරම්භ වෙයි.
ඒ, මුම්බායි හි ජියෝ ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේදීය.
හින්දු නක්ෂත්‍ර ක්‍රමවේදය අනුව දින යොදාගත් මෙම විවාහ මංගල උත්සවයේ පළමු දිනයේදී එනම් අද ශුබ් විවාහ එනම් විවාහ චාරිත්‍ර ඉටු කෙරෙයි.
ඒ සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද ඇරියුම් ලබා තිබේ.
විවාහ මංගල්‍යයට එක්වීම සඳහා අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිළියක්ද වන කිම් කාර්ඩෂියන් ද මුම්බායි නගරයට ළඟා වුණි.
බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන් සහ ටොන් බ්ලෙයාර්ද මුම්බායි වෙත පැමිණ ඇත්තේ අම්බානි පවුලේ ආරාධනයට අනුවය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අම්බානි පවුලට විවාහය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර එය ඔවුන්ගේ මුළු ධනයෙන් සියයට 0.05ක් පමණක් වන බවය.