කලු ගල් සමග ටිපර් රථයක් ගිය තැන
July 6, 2024 05:12 pm
පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කලු ගල් ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (06) හංවැල්ල ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේදී අනතුරකට මුහුණදී තිබේ.
අදාළ ටිපර් රථය පාලමක ආරක්ෂිත වැට කඩාගෙන කැලණි ගගේ අතු ඇලක් අසලට පෙරළී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් ටිපර් රථයේ ගමන් කළ රියදුරාට කිසිදු හානියක් සිදුවී නොමැත.
හංවැල්ල පොලීසිය සිද්ධිය ගැන වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.